පාසල් ගීතය
වොරැඳේ සැරදේ නිබඳේ වැජඹේ
විදුහල් මෑණි අපේ
තැඹිලිගල විදුහල් මෑණි අපේ ….
සීතල කඳුකර වෙල් එළියේ
මඳ පවනේ හිනැහෙන්නේ
හිනැහෙන හැමවිට – කැටි කොට ඔබෙ ගුණ
දරු කැළ නැළවෙන්නේ
වොරැඳේ සැරදේ.....
ශාස්ත්‍ර කලාදී ශිල්ප බෙදාදී
ගුණ නැණ වඩවාලා
ගුණ නැණ වැඩිකොට
ගත සිත දැඩි කොට
යහ ගුණ වඩවන්නේ
වොරැඳේ සැරදේ.....